මේ ෂෝට්කට් වයිරස් කියන්නෙ මහ චාටර් කේස් එකක් ..කොම්පුටරේට ආවම හැමතැනම හෝ ගාල ශෝට් කට් හැදෙනව .කොච්චර අයින් කලත් කොහෙන් හරි ආයෙත් මතුවෙනව .කොම්පුටරේ ෆෝමැට් කරල දැම්මත් ආයෙත් එනව ..
මගේ කොපුටරේ ටත් එක පාරක් ශෝට් කට් වයිරස් ඇවිත් තිබුන ..බලන බලන තැන ශෝට්කට් .
Avira ,Kaspersky,Avast කියන වයිරස් ගාඩ් තුනම පාවිච්චි කරල ස්කෑන් කරල බැලුව ..ඒත් හරිගියේ නෑ ..අන්තිමේදී කරන්න දෙයක් නැතුව ඕන මගුලක් වෙච්චාවේ කියල වයිරස් පිටින්ම පාවිච්චි කලා ..
දවස්ක් මේ අන්තර්ජංජාලේ අතරම්ං වෙච්ච වෙලාවක පට්ට ටුල් කෑල්ලක් හම්බවුනා ..ඒකෙ නම USBFIX.
එක පාරයි ස්කෑන් කරේ ...මැශින් එක වයිරස් වලින් සුද්ධ කරල දුන්න ..
එක පාරයි ස්කෑන් කරේ ...මැශින් එක වයිරස් වලින් සුද්ධ කරල දුන්න ..
මේක පාවිච්චි කරන්නත් හරි ලේසියි .ඉන්ස්ටෝල් කරන්නත් ලේසියි.ලයිසන් අනම් මනම් කිසිදෙයක් ඕන නෑ ..
මේකෙන් ස්කෑන් කරන කොට ඔක්කොම Run වෙන Applications නවත්වනවා ..ඒක නිසා කිසිම වයිරස් කෑල්ලකට හැංගිමුත්තන් නං දාන්න හම්බවෙන්නෙ නෑ ...
ඉන්ස්ටෝල් කරාට පස්සෙ Open කරල ස්කෑන් බට්න් එක ක්ලික්ක් කරන්න විතරයි තියෙන්නෙ ...
මේකෙ තියෙන වාසි තමයි මේක අනිත් වයිරස් ගාඩ් වගේ නිතරම Run වෙන්නෙ නැති නිසා මැශින් එක Slow වෙන්නෙත් නෑ ...
ඒනිසා වයිරස් ඇවිල්ල කියල හිතුන වෙලාවක ,ස්කෑන් කරල වයිරස් අයින් කරගන්න පුලුවන් ..මේක 100% ක් වැඩ ...මගේ මැශින් එකේ වයිරස් ගාඩ් එකක් කියල තියෙන්නෙ මේක විතරයි ..පොඩි උනාට පට්ට භාන්ඩයක් .
බාගන්න කට්ටියට මෙතනින් කෙලින්ම බාගන්න පුලුවන් ..මෙග බයිට් 5 ක් විතරයි ..
එහෙනම් අපි ගියා ...
ජය ..වේවා ..!



No comments:
Post a Comment