අද අපි ෆොටෝශොප් වලින් ලස්සන ගිනිගන්නවා වගේ අකුරු හදන්නෙ කොහොමද කියල බලමු ..හරි ලේසියි ..
ඔයාට ෆොටෝශොප් ගැන දැනුම පොඩ්ඩක් තියෙනවානම් ඇති .නැතිවුනත් කමක් නෑ ..කරන්නෙ කොහොමද කියල මං මුල ඉදලම පැහැදිලි කරන්නම් ..
1. මුලින්ම ඔයා කරන්න ඕන ෆොටෝශොප් වලින් අලුත් ගොනුවක් විවෘත කරන එක ..ඒකට ෆොටෝශොප් Open කරගෙන ඉහල මෙනුබාර් එකේ තියෙන File ක්ලික් කරල ඒකෙන් එන මෙනුවෙ New කියන එක ක්ලික් කරන්න .එතකොට පහල තියෙනව වගෙ වින්ඩෝව් එකක් එයි ..
මේකෙ Width සහ Height කියන තැන් වලට ඔයාල කැමති සයිස් එකක් දෙන්න ..හැබැයි මේකෙ Resolution කියන තැනට අනිවාරෙන්ම 300 කියන අගය දෙන්න ඕන ..නැත්නම් අපි හදන පින්තූරෙ පැහැදිලි ගතිය අඩුවෙන්න පුලුවන් ..ඒක හොදටම පේන්නෙ රූපෙ විශාල කරල බලන කොට ..සාමන්‍යයෙන් මේකෙ අගය එන්නෙ 72 ක් කියල ..ඒ වුනත් 72 වගේ අගයක් භාවිතා වෙන්නෙ වෙබ් අඩවි වගේ දේවල් වල නිර්මාණ කරන කොට .ග්‍රැෆික් ඩිසයින් වගේ කොලිටියක් ඕන වැඩ වලදි සාමනයයෙන් 300 ක් හෝ ඊට වැඩි අගයක් වගේ භාවිතා කරනව.ඔන්න ඕකයි වෙනස.තව මේකෙ Background Content කියන එකට සුදු පාට තෝරල දෙන්න .
2.ඊලගට අපි කරන්න ඕන අපි අලුතින් ගනිපු පින්තූරය සම්පූර්නයෙන්ම කලු පාට කරගන්න එක ..ඒකට ඔයාලගෙ කීබෝඩ් එකේ SHIFT බොත්තම ඔබාගෙන ,F5 බොත්තම ඔබන්න ..
එතකොට පහල රූපෙ වගේ වින්ඩෝ එකක් එයි .
මේකෙ Use කියන තැනින් Color කියන එක තොරල දෙන්න .එතකොට පාට තෝරන්න වින්ඩෝ එකක් එයි ..එතනින් කලු පාට තෝරල දෙන්න ..ඊට පස්සෙ ඔයාගෙ සම්පූර්ණ පිංතූරයම කලු පාටට හැරෙයි .
3. අපි ඊලගට අපි ගින්දර වගේ හදන්න ඕන අකුරු ටික ටයිප් කරන්න ඕන .හැබැයි සුදු පාටින් ඒකට වම් පැත්තෙ තියෙන පාට තෝරන කොටසින් සුදු පාට තෝරල දෙන්න .
ඊටපස්සෙ ටයිප් ටූල් එක සිලෙක්ට් කරගෙන ,උඩ තියෙන බාර් එකෙන් කැමති ෆොන්ට් එකකුයි ,සයිස් එකකුයි තෝරල දීල ඔයාට ඕන අකුරු සෙට් එක ටයිප් කරගන්න .
ඔයා අකුරු ටික ටයිප් කරල ඉවර උනාට පස්සෙ ටුල් සෙට් එකෙන් උඩම තියෙන ටූල් එක උඩ ක්ලික් කරන්න ..එතකොට හරි .
තව කේස් එකක් තියෙ .සමහරක් වෙලාවට ෆොන්ට් සයිස් එක උපරිම දුන්නත් අපට ඕන සයිස් එකට අකුරු ටික ගන්න බැරිවෙනවා ..එහෙම උනාම කරන්න තියෙන්නෙ CTRL එකයි , T අකුරයි එකට ඔබල Free transform ටුල් එක අරගෙන අපි කැමති සයිස් එකට අකුරු සෙට් එකම හදාගන්න එක .
4. ඊලග පියවර තමයි අකුරු සෙට් එක Resterize කරන එක .
ඒකට දකුනු පැත්තෙ ඇති ඔයාලගෙ පින්තූරෙ ලේයර්ස් 2ක් .අකුරු සෙට් එක තියෙන ලේයර්ස් එකයි ,Background ලේයර් එකයි .
ඔයාලගෙ අකුරු සෙට් එක තියෙන ලේයර් එක උඩ Right Click කරල Resterize Type කියන එක ක්ලික් කරන්න .
ඊට පස්සෙ ලේයර් එක මෙහෙම වෙනස් වෙයි ..
5.ඊලගට අපි අපේ අකුරු ලේයර් එකේ තව කොපියක් දාගන්න ඕන ..ඒකට ලේයර් එක සිලෙක්ට් කරල CTRL එකයි J එකයි එකපාර ඔබන්න . ලේයර් එකේ කොපියක් හැදෙයි .
ඒකත් හරි .දැනට ඒ ලේයර් එක ඕෆ් කරල තියාගන්න ..ඒකට ලේයර් එක ඉස්සරහ තියෙන ඇහැ ඔෆ් කරන්න .ඕෆ් නොකරත් අවුලක් නෑ .මම නම් ඒක ඕෆ් කරන්නෙ නෑ ...
6.ඊලගට අපේ ඔරිජිනල් ලේයර් එක සිලෙක්ට් කරගන්න.ඊටපස්සෙ උඩ මෙනු බාර් එකේ Image වලට ගිහින් ,ඒකෙ Image Rotation වලට ගිහින් 90 CW තෝරන්න .ඔයාලගෙ පින්තූරෙ අනිත් පැත්ත්ට හැරෙයි ..
මේ Rotation එක තියෙන තැන ෆොටෝශොප් එක එක වර්ශන් එකට අනුව වෙනස් වෙන්න පුලුවන් .හැබැයි කොහේ තිබුනත් තියෙන්නෙ Image මෙනු එක ඇතුලෙ ..ඒ නිසා කොහොමහරි හොයාගන්න .
හුරේ ....පින්තූරේ අනික් පැත්තට හැරුනා ...
7.ඊලගට කරන්න උඩ තියෙන Filter මෙනු එකෙන් Stylize වල Wind කියන එක තෝරල දෙන්න .ඔයාලගෙ ෆොටෝශොප් වර්ශන් එක අනුව මේක තියෙන තැන වෙනස් වෙන්න පුලුවන් .මේ මෙනු එකේම තමයි තියෙන්නෙ .
ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි ..
ඒකෙ පිංතූරෙ විදියට තෝරල දීල OK කරන්න .ඊටපස්සෙ ඔයාගෙ අකුරු සෙට් එක නිකන් හුලගට යනව වගෙ effect එකක් එයි ..මේක අපි තව දෙපාරක් විතර දෙන්න ඕන .ඒකට ඔයාගෙ කීබෝඩ් එකේ CTRL එකයි F එකයි දෙපාරක් ඔබන්න ..ඒ effect එකම තව දෙපාරක් වැටෙයි .ඕනවට වඩා දාන්න යන්නත් එපා ...කැතවෙනවා .
ඊට පස්සෙ ආයෙත් පොටෝ එක හරි පැත්තට හරව ගන්නයි ඕන .ඒකට උඩ මෙනු බාර් එකේ Image වලට ගිහින් ,ඒකෙ Image Rotation වලට ගිහින් 90 CCW තෝරන්න .ඔයාලගෙ පින්තූරෙ අනිත් හරි පැත්තට හැරෙයි ..
8.දැන් අපි මේකට Blur Effect දාගන්න ඕන .ඒකට උඩ Filter මෙනු එකේ Blur වල Gaussian Blur තෝරන්න .
මෙහෙම මෙනු එකක් එයි ..ඒකෙ පහල විදියට අගයන් දීල Ok කරන්න .
අකුරු ටික ටිකක් බොද වෙලා වගෙ වෙයි .
9.දැන් අපි අපේ Background Layer එකේ කොපියක් හදාගන්න ඕන .ඒකට අර මුලින් වගේම ලේයර් එක සිලෙක්ට් කරල CTRL + J ඔබන්න .ඒකෙ කොපියක් හදෙයි .
ඊලගට අපේ අකුරු සෙට් එකේ ඔරිජිනල් ලේයර් එක සිලෙක්ට් කරල ,ආයෙත් ඒක උඩ Right click කරල Merge Down දෙන්න .එතකොට ඒ ලේයර් දෙක එකට එකතු වෙනවා .
10.ඊලගට අපි කරන්න ඕන අපේ අකුරු ටික වටේ සිලෙක්ට් කරගෙන ඒකට effect එකක් දාන එක .ඒකට ටූල් බොක්ස් එකේ සිලෙක්ශන් ටූල් එක අරගෙන අකුරු වටේ සිලෙක්ට් කරගන්න .
11.දැන් ඊලගට Filter මෙනු එකට ගිහින් ඒකෙන් Liquify කියන Effect එක තෝරන්න .මේ Effect එකත් ඔයාලගෙ ෆොටෝශොප් එකේ මේ මෙනු එකේක්ම කොහේහරි ඇති .ඒක දුන්නට පස්සෙ මේ වගේ වින්ඩෝ එකක් එයි .
ඒකෙ ඒ විදියට වෙනස් කරාට පස්සෙ තියෙන්නෙ මේ අකුරුවල ටිකක් ගින්දර වගේ පෙනුමක් දෙන එක ...ඒකට කරන්න තියෙන්න මේ ටූල් එකෙන් පොඩ්ඩක් දෙපැත්තට ඇදල මේ අකුරුවල ගිනිදැල් වගේ හදන එක .අමාරු නෑ ...හබැයි දෙපැත්තට අදින්න ඕන ගිනිදැල් වල මුල හරියෙන් .
ලොකු ගිනිදැල් හදන්න නම් Brush Size එක වැඩි කරල උඩට අදින්න .ඊට පස්සෙ Ok කරන්න බලන්න මං හදපු හැටි .රූපෙ බැලුවම තේරෙයි කරන්න ඕන කොහොමද කියල ...
ඊලගට අපි බලමු පාට දාන හැටි ..ඒකට මෙනු එකේ Layer වල New Adjusment Layer වල Hue/Saturation තෝරන්න ..ඊටපස්සෙ මැසේජ් එකක් ආවොත් Ok කරල පහල විදියට අගයන් දෙන්න .Ok කරන්න තිබ්බොත් කරන්න
එතකොට පාට වෙනස් වෙයි ....තව ඉවර නෑ ....
ආයෙත් ඒ වගේ ම Adjustment Layer එකක් අරගෙන පහල විදියට අගයන් දෙන්න ..
පාට වෙනස් වෙයි ..දැන් ඊලගට ඒ දෙවනි පාරට හදපු එක ලේයර් එක සිලෙක්ට් කරල ඒකෙ Blend Mode එක වෙනස් කරන්න ඕන ..Overlay විදියට .
12.ඊලගට අපේ අකුරු ලේයර් එක සිලෙක්ට් කරල ඒක ඔන් කරගන්න ඕන ..හැබැයි මම ඒක ඕෆ් කරේ නෑ ..ඒත් කමක් නෑ ...
13.ඊටත් පස්සෙ ඒ ලේයර් එක උඩ Double Click කරල Blending Options වින්ඩෝ එක ගන්න ඕන ..ඒකෙ ඊට පස්සෙ අපි Gradient Overlay කියන එක ඔන් කරල ඒකට පාටක් දාන්න ඕන ..
14.ඊට පස්සෙ රූපෙ තියෙන විදියට කරන්න ..
15.ආයෙත් රූපෙ බලල අනිත් පැත්තටත් පාට දෙන්න ..
ඔයා හරියට කරා නම් මේ විදියට එන්න ඕන ...
එහෙනම් අපි කැපුනා ....
ජය වේවා ....
මම මයිකි ......


































